තුටින් පිරී ගිය එක් මොහොතක්: ජලාල් අද්-දින් මුහම්මද් රූමිගේ තෝරා ගත් කවි

AUTHOR: සසංක පෙරේරා සහ ඉන්දු ගමගේ (පරිවර්තනය සහ සංස්කරණය)
FORMAT: මෘදු කවරය සහිතව
AVAILABILITY: ප්‍රථම මුද්‍රණය, තම්බපණ්ණි 2022 – දැන් මිලදී ගන්න
SL Books මගින් මිලදී ගැනීමට – දැන් මිලදී ගන්න

තුටින් පිරී ගිය එක් මොහොතක් කෘතිය 13 වැනි සියවසේ ජීවත් වූ ජලාල් අද්-දින් මුහම්මද් රූමිගේ තෝරා ගත් කවි 150 ක සිංහල පරිවර්තන එකතුවකි. මූලික වශයෙන් පර්සියානු බසින් කාව්‍යකරණයේ යෙදුනු රූමි වර්තමානය වන විට ගෝලීය කවියෙක් බවට පත් ව ඇත. ඔහුගේ කවි ලොව භාෂා භාෂා ගණනාවකට මේ වන විට පරිවර්තනය වී ඒ පිළිබඳ ගෝලීය කතිකාවක් බිහිවී තිබුන ද ඔහුගේ කවි පිළිබඳ පුලුල් සංස්කෘතික සංවාදයක් ශ්‍රී ලංකාවේ මේ වන තුරු සිදු වී නොමැත. ඊට ප්‍රධාන හේතුව ඔහුගේ කවි හෝ ඒ පිළිබඳ ගෝලීය වශයෙන් පළවී ඇති විචාර කිසිවක් සිංහලෙන් පලවී නොතිබීමය. තුටින් පිරී ගිය එක් මොහොතක් කෘතිය මගින් මේ අඩුව පිරවීමේ පුලුල් බුද්ධිමය-සංස්කෘතික ව්‍යායාමයේ ප්‍රථම අදියර සනිටුහන් කරයි.

Author / Authors / Editors
සසංක පෙරේරා නව දිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙකු වන අතර ඉන්දු ගමගේ ශ්‍රී ලංකාවේ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා පුහුණු අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වේ.