සිලෝනයෙන් ශ්‍රීලංකාවට: යටත්විජිතත්වය, ජාතිය, සහ අවකාශීය දේශපාලනය කෘතිය මුල්වරට Society and Space නමින් 1998 වසරේච ද එහි සංස්කරණයක් Decolonizing Ceylon නමින් 1999 වසරේ දී ඉංග්‍රීසි බසින් පළවිය. මේ කෘතිය ශ්‍රී ලංකාවේ සමාජ අවකාශය ඓතිහාසිකව ගොඩනැගී ඇති ආකාරය ගවේෂණය කරයි. ලෝක පද්ධති පර්යාවලෝකයක, භූ-දර්ශන අර්ථ නිරූපණ ක්‍රමවේදය සහ යටත් විජිත වාස්තු විද්‍යාව හා නාගරීකරණය පිළිබඳ න්‍යායන් උපයෝගී කරගනිමින් නිහාල් පෙරේරා විසින් යටත් විජිතකරණ සහ පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාව ගොඩනැගීම දෙස බලන්නේ, මේ එක් එක් කාලයේ සිදුවූ අවකාශීය පරිවර්තනයන් සැලකිල්ලට ගනිමින්ය. දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික පද්ධති පරිවර්තනයට ලක් කිරීමේ කොටසක් ලෙස මෙම අවකාශීය අංශවල අන්තර්-සම්බන්ධතා සහ අර්ථයන් පෙන්වා දෙමිනි. කතුවරයා මේ කර්තව්‍යයන් අර්ථකථනය කිරීමේදී ගොඩනැගීම, භුමිය බලයෙන් අත්පත්කරගැනීම සහ නාගරික භූ දර්ශන සහ නිර්මිත අවකාශයන්හි ඇති වැදගත්කම තේරුම්ගැනීම මැනවින් විශ්ලේෂණය කරයි. මෙම කෘතිය ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී ශ්‍රී ලංකාව ලෝක පද්ධතිය තුළ ස්ථානගත කර ඇති ආකාරය අර්තවිවරණය කිරීමේදී අවකාශය සහ ගොඩනඟන ලද පරිසරය කේන්ද්‍රීයව වැදගත්වන ආකාරය සොයාබලයි. ඒ සමගම එය දේශීය දේශපාලනයේ හා සංස්කෘතියේ නිශ්චිත කරුණු පිළිබඳ සංවේධීභාවයක් ද විශ්ලේෂණයට ගෙන එයි. ‘පශ්චාත් යටත් විජිත පරිධියේ’ සිට සිය රචනාකරණයේ යෙදෙන නිහාල් පෙරේරා තර්ක කරන්නේ, ඕනෑම සමාජයක් හා සංස්කෘතියක් අවබෝධ කරගැනීමට උත්සාහ දරන්නවුන්ට අවකාශය හා අවකාශීය ව්‍යුහයන් ගොඩනැගීම පාලනය කරන දේශපාලනික ගතික තේරුම් ගැනීම මූලික වශයෙන් වැදගත් වන බවයි.

සිලෝනයෙන් ශ්‍රී ලංකාවට: යටත්විජිතත්වය, ජාතිය සහ අවකාශීය දේශපාලනය
AUTHOR: නිහාල් පෙරේරා (පරිවර්තනය: විදුර මුණසිංහ / සංස්කරණය: චන්ද්‍ර ලේකම්ආරච්චි)
FORMAT: මෘදු කවරය සහිතව
AVAILABILITY: ප්‍රථම සිංහල මුද්‍රණය, තම්බපණ්ණි 2022 – දැන් මිලදී ගන්න
Author
නිහාල් පෙරේරා ඇමරිකා එක්සත් ජනපදයේ බෝල් ස්ටේට් විශ්වවිද්‍යාලයේ නාගරික සැලසුම්කරණය පිළිබඳ විශ්‍රාමික මහාචාර්යවරයෙකි. එමෙන්ම ඔහු පශ්චාත් යටත් විජිත නාගරික අධ්‍යයන ක්ෂේත්‍රයට ගෝලීය වශයෙන් මූලික දායකත්වයක් සපයන ශාස්ත්‍රඥයෙකි. ඔහුගේ ප්‍රධාන පර්යේෂණ උනන්දුව වන්නේ, සාමාන්‍ය ජනයා තම දෛනික ජීවිත ගතකිරීමේදී සහ සංස්කෘතික භාවිතවලදී අවකාශ ගොඩනගන ආකාරය තේරුම්ගැනීමට උත්සාහ කිරීමයි. ඔහුගේ නවතම කෘති අතර අතර Transforming Asian Cities (ආසියානු නගර විපරිවර්තනය) සහ People’s Spaces (මිනිසුන්ගේ අවකාශ) යන කෘති ඇතුළත් වේ.