“දැන් ඉතින් ගරු බිශොප්තුමනි, කියන්න එහෙම එපා ඒ ආනෝ නදියේ පාළම උඩ සිද්ධවෙච්ච දේවල් එහෙම සිදුවුනේ නිකම්ම නිකම් ‘සරාගී කාමය’ නැත්නම් ‘නොහික්මීම’ නිසා කියලා එදා හුඟාක් කට්ටිය අපි දිහා මහා ඕනැකමකින් බැලුවා. මට ඒ දවස මේ තරම් හොඳින් මතකත් ඒ හින්දමයි මං හිතන්නේ එදා ඔයා පාලම උඩදී ඒ විදිහට හදිසියේම කළ දේ මට හුඟාක් වටින දෙයක් බව ඔයා හොඳින් දන්නවා. ඒක මං වෙනුවෙන්ම කරපු දෙයක්. ඒක මං ඔයාගේ ජීවිතේ ඉන්න ගැහැනියයි කියන එක ඔයා හුගාක් ගැඹුරින් පෙන්නපු වෙලාවක්. මම නීතියෙන් ඔයාගේ බිරිඳ නොවීම මේ ඔක්කොටම පරිබාහිර දෙයක්. මට හිතෙන්නේ ඒක තමන්ගේ නිදහස දැනවීම පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් කියලයි.

කෙටි දිවියක මතකය
AUTHOR: සසංක පෙරේරා
FORMAT: මෘදු කවරය සහිතව
AVAILABILITY: තම්බපණ්ණි, 2025 – දැන් මිලදී ගන්න
Author
සසංක පෙරේරා නවදිල්ලියේ දකුණු ආසියානු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු සහ දකුණු ආසියාවේ සමාජය සහ සංස්කෘතිය පිළිබඳ කර්තෘවරයෙකි. ඔහු Warzone Tourism in Sri Lanka: Tales from Darker Places in Paradise (2016), Violence and the Burden of Memory: Remembrance and Erasure in Sinhala Consciousness (2015), සහ Artists Remember and Artists Narrate: Memory and Representation in Sri Lankan Visual Arts (2012) යන ග්‍රන්ථවල කතුවරයා වේ.