මෙම කෘතියේ ප්‍රධාන තර්කය වන්නේ වර්තමාන ශ්‍රී ලංකාවේ සිංහල ස්ත්‍රියගේ ජීවිතය හැඩ ගැස්වීමේ ලා ඉමහත් බලපැමක් ඇති කරන “සිංහල බෞද්ධ” ස්ත්‍රිය යන අනන්‍යතාව ජනප්‍රිය විශ්වාසයට අනුව අවුරුදු 2500 ක් පැරණි සංස්කෘතියක ප්‍රතිපලයක් නොව, ලංකාවේ 19 වන සියවසෙහි අග භාගයේ සහ විසිවෙනි සියවසෙහි මුල භාගයේ බ්‍රිතාන්‍ය යටත් විජිතකරණය සහ එයට එරෙහිව නැගුනු ජාතිකවාදයෙහි ප්‍රතිපලයක් වූ ස්ත්‍රී පුරුෂ සමාජ භාවී නිර්මිතයන් නිසා ගොඩනැගෙන්නක් ය යන්නයි.
සිංහල ස්ත්‍රීන්ගේ සමාජ, ආර්ථික හෝ දේශපාලන සංචලතාවය ට සීමා පමුණුවන ආකාරයේ විධිමත් සංස්කෘතික හෝ නීති සමුහයන් නැති වුව ද සිංහල ස්ත්‍රීන්ට “නිසි” හෝ “සුදුසු” තැනක් සමාජයෙහි ඇති බව සහ එම තැනට අනුව හැසිරෙන තාක් කල්, සිංහල ස්ත්‍රීන්ට සමාජ ගරුත්වය සහ පිළිගැනීම ලැබෙන බව අර්ථවත් වෙන අවිධිමත්ස ම්ප්‍රදායන් සමුහයක් පවතී.
මෙම කෘතිය හුවා දක්වන්නේ, සංස්කෘතික නිර්මිත මත තීරණය කර ඇති එවන් ස්ථානයක් තිබීම යන කාරණයම සිංහල ස්ත්‍රීන්ට අහිතකර බව සහ පුද්ගලයෙකු ලෙස ඇයගේ ජීවිතයට එමගින් සීමා පනවන බවයි. මෙම කෘතිය මගින් සිංහල ස්ත්‍රීන්ගේ වර්තමාන ජීවිතය අර්ථ විවරණය කරන ආකාරයේ පරාමිතීන් සවි ගන්වන අවුරුදු 2500 ක රේඛීය සහ නොබිදුණු සංස්කෘතියක් පිලිබඳ ජනප්‍රිය මානය විසංයෝජනය කරන අතර, මෙම අවිධිමත් සම්ප්‍රදායන් සමූහය බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ තැනෙන ආකාරයත්, ඒවා රජරට සභ්‍යත්වය තුළ මුල් බැස ගත් ලෙස විශ්වාස කරන “සිංහල බෞද්ධ” සංස්කෘතික භාවිතයන් ලෙස සමාජයෙහි ඉගැන්වෙන ආකාරයත් සාකච්ඡාවට ලක් කරයි.