ආගමෙන් ඔබ්බට: සමස්ථ ලොවටම පොදු ආචාරධර්ම පද්දතියක්

AUTHOR: අති උත්තම දලයි ළමා තුමා – (පරිවර්තනය: සසංක පෙරේරා)
FORMAT: Paperback
මේ කෘතිය Beyond Religion: Ethics for a Whole World (by His Holiness the Dalai Lama) වශයෙන් ප්‍රථමයෙන් පළකරන ලද්දේ හව්ටන් මිෆ්ලින් හාකෝට් ප්‍රකාශන සමාගම විසින් 2011දීය.
AVAILABILITY: සිංහල පරිවර්තනය දැනට පළවී නැත – 2024 දී පළවේ.

2011 දී මුලින්ම පලකරන ලද ‘ආගමෙන් ඔබ්බට: සමස්ථ ලොවටම පොදු ආචාරධර්ම පද්දතියක්’ යන කෘතිය  අති උත්තම දලයි ළමා තුමා විසින් රචිත ‘Beyond Religion: Ethics for a Whole World’ යන සුප්‍රසිද්ධ කෘතියේ සිංහල පරිවර්තනයයි.

එමගින් උන්වහන්සේ උත්සාහ කර ඇත්තේ,  තමන් සුපැහැදිලිවම බෞද්ධ ආගමික   නායකයෙකු වුවද,  සියළුම ආගම් වලින් ඔබ්බට ගොස්, සමස්ත මානව වර්ගයා ම එකම කණ්ඩායමක් ලෙස සලකා කටයුතු කිරීමට ආගම හා සම්බන්ධ නැති, එනමුත් ලොව ඇති කිසිම ආගමකට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක නොවෙන ආචාර ධර්ම පද්ධතියක් සකස් කර ගැනීමට අවකාශ විවර කර ගැනීමයි.

එහිදී උන්වහන්සේ භාවිත කරන ප්‍රවේශය වන්නේ, ජීව විද්‍යාත්මක හා විශ්වීය සංස්කෘතික අගයන් පැහැදිලි කර,  ඒවා මගින් මානවයාගේ ඒකීයත්වය විස්තර කර,  එම ඒකාග්‍රතාවය මත   පදනම්ව මානව වර්ගයාගේ විනාශකාරී ක්‍රියාකාරීත්වයෙන් ඔවුන්ව මෑත් කර ගැනීම සඳහා විශ්වීය ආචාරධ ධර්ම පද්ධතියක් යෝජනා කිරීමය.

උන්වහන්සේගේ තර්කය වන්නේ, එවන් ආචාර ධර්ම පද්ධතියක කොටස්කරුවෙකු  වීමේදී සහ ඒ අනුව ක්‍රියාත්මක වීමේදී ලොව කිසිම ආගමික හෝ දේශපාලන  තන්ත්‍රයකට ඊට විරුද්ධ වීමට හේතුවක් නොමැති බවයි.

මෙය පරිවර්තනය කර ඇත්තේ ඉන්දියාවේ ධර්මශාලා හි පිහිටි දලයි ළමා තුමාගේ කාර්යාලයේ නිල අවසරය මත මහාචාර්ය සසංක පෙරේරා විසිනි.

Author
පුජ්‍යපාද ටෙන්සින් ග්‍යට්සෝ දහහතරවන දලයි ළමා තුමාය. උන්වහන්සේ ලොව පුරා විසිරී සිටින ටිබෙටන් බෞධයින්ගේ ආගමික නායකයාය. මේ කෘතිය ද ඇතුලුව උන්වහන්සේ පොත්පත් ගණනාවක කතුවරයාය. පරිවර්තක තොරතුරු සසංක පෙරේරා නව දිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාව පිලිබඳ සමාරම්භක මහාචාර්යවරයාය. ඔහු Fear of the Visual? Photography, Anthropology, and Anxieties of Seeing (2020) කෘතියේ කතුවරයාය.
harshana

Prof. Harshana Rambukwella,

It is with deep sorrow that we share the news of the passing of Prof. Harshana Rambukwella, a brilliant and versatile literary scholar, a colleague and a friend. We had the privilege of working with him at Tambapanni Academic Publishers and his generosity and fairness were always appreciated. His loss will be felt in the wider academic community in Sri Lanka and beyond and by all those whose lives he touched in different ways.

We extend our very sincere condolences to his family.